Binance P2P හරහා USDT මිල දී ගෙන ඔබේ Pillow ගිණුමට තැන්පත් කරන්නේ කෙසේද?

Pillow: Dollar Savings App
4 min readJul 19, 2022

Binance P2P යනු වෙනත් පරිශීලකයින් සමඟ සෘජුවම Crypto මුදල් මිලදී ගැනීමට සහ විකිණීමට ඉඩ සලසන වේදිකාවකි. Binance P2P විසින් ගණුදෙනු ආරක්ෂා කිරීමට සහ වංචා අවදානම අඩු කිරීමට Buyers සහ Sellers යන දෙදෙනාටම ආරක්ෂාව දක්වයි. ගැනුම්කරු සහ විකුනු​ම්කරු යන දෙදෙනාගෙන්ම ගනුදෙනුව තහවුරු වන තෙක් Crypto මුදල් මුදා නොහැරිමට escrow ලෙස Binance P2P පෙනී සිටියි.

පහත පියවර අනුගමනය කර ඔබට Binance P2P වෙතින් USDT මිලදී ගෙන එය ඔබේ Pillow Fund වෙත යැවීම සිදු කල හැක :

පළමු පියවර : ලියාපදිංචි වීම/පිවිසීම

  • Binance පිටුවට පිවිසෙන්න .
  • ඔබට දැනටමත් Binance ගිණුමක් තිබේ නම්, [Login] Click කරන්න; ගිණුමක් නොමැති නම්, [Register] Click කර ඉදිරියට යන්න.

දෙවන පියවර: Binance P2P හරහා USDT මිල​දී ගැනී​ම

  • [Buy Crypto] මත Click කර ඉන්පසු ලැබෙන දෙවන මෙනු​වේ [P2P Trading] මත Click කරන්න.
  • [Buy] මත Click කර Crypto වර්ගය ලෙස USDT තෝරන්න.
  • අවශ්‍ය මුදල, මුදල් වර්ගය [LKR] ලෙස තෝරන්න. අවශ්‍ය නම් ඔබට ගණුදෙනු කල හැකි [Payment] ගෙවීම් මාධ්‍ය ද තෝරන්න.

තෙවන පියවර : ඇණවුම් කිරීම

  • අවශ්‍ය USDT ප්‍රමාණය හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන රුපියල් ප්‍රමාණය ඇතුලත් කර [Buy USDT] මත Click කරන්න.

මෙහිදී ඇති “Terms and conditions” නිවැරදිව කියවා තේරුම් ගන්න.

අවශ්‍ය මුදල් ප්‍රමාණය සහ සත්‍යාපනය කරන ලද වෙළඳ දැන්වීම තෝරාගැනීමට TextBox එක සහ “Only show merchant ads” Click කල හැක.

P2P ගණුදෙනු කිරීම සඳහා KYC Verification සහ SMS Authentication සක්‍රීය කර තිබිය යුතු වේ.

ඔබ නවතම සාමාජිකයෙක් නම් Limited නම් වූ දැන්වීම් මගහැර අනෙකුත් දැන්වීම් වලින් මිලදී ගත යුතු වේ.

සිව්වන පියවර : ගණුදෙනුව අවසන් කිරීම

  • While making the payment, you can leave the ‘memo’ blank and proceed with the transaction.
  • Confirm the payment method and amount (total price) on the Order Details page.
  • Complete the fiat transaction within the payment time limit. Then click [Transferred, Next] and [Confirm].
  • ගෙවීම සිදු කරන වි​ට, ඔබට ‘Remarks’ හිස්ව තබා හෝ ගනුදෙනුවෙහි ඇති ආකාරයට යෙදිය හැකිය.
  • ඇණවුම් විස්තර පිටුවේ ගෙවීම් ක්‍රමය සහ මුදල (සම්පූර්ණ අගය) තහවුරු කරන්න.
  • ගෙවීම් කාල සීමාව තුළ Online Banking හෝ Mobile Banking හරහා ගනුදෙනුව සම්පූර්ණ කරන්න.
  • [Transferred, notify seller] Click කර ඉන්ප​සු [Confirm payment] Click කරන්න .

සටහන: විකුණුම්කරුගේ බැංකු ගිණුම වෙත සෘජුවම ඔබගේම බැංකු ගිණුමකින් මුදල් තැම්පත් කිරීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී Mobile Banking හෝ CEFT Internet Banking මාධ්‍යක් හරහා මුදල් හුවමාරුව කල හැකි වේ. ගෙවීම සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් Confirmed යන්න Click නොකරන්න. යම්කිසි වැඩිදුර විස්තරයක් අවශ්‍ය නම් ඔබට Chat කවුළුව හරහා ගණුදෙනුකරුව සම්බන්ධ කර ගත හැකි වේ.

Chat කවුළුව හරහා ඔබගේ ගෙවීම් විස්තරය හෝ Screenshot එක විකුණුම්කරු වෙත යැවිය හැක.

පස්වන පියවර : USDT ලබාගැනී​ම

  • විකුණුම්කරු විසින් ඔබගේ මුදල් ගෙවීම තහවුරු ක​ර USDT ඔබ වෙත මුදාහරියි.
  • දැන් ඔබට ඔබගේ Funding Wallet එක තුල ලබාගත් USDT දැක් ගත හැකි වේ.

සයවන පියවර : ලබාගත් USDT Pillow Wallet එක වෙත යැවීම

  • ඔබගේ Wallet එකේ ඇ​ති [Withdraw] මත Click කර Binance ගිණුමෙ​න් ඉවතට USDT ගෙන්වා ගත හැක.
  • වඩා අඩු ගෙවීම් ගාස්තුවක් සඳහා BSC (BEP20) ජාලය තෝරන්න — Binance Smart Chain.
  • [Address] ක්ෂේත්‍රය තුළ ඔබේ Pillow ගිණුමේ ඇති BSC නැතහොත් BEP20 Wallet Address එක ඇතුළත් කරන්න. (Crypto Deposit -> USDx Case -> USDT -> BEP-20)
  • Withdraw කිරීමට අවශ්‍ය මුදල ඇතුළු කරන්න, එවිට ඔබට අදාළ ගනුදෙනු ගාස්තුව එනම් 0.29 USDT සහ ඔබට ලැබෙන අවසාන මුදල දැකගත හැකි වනු ඇත.
  • ඉදිරියට යාමට [Withdraw] Click කරන්න .
  • Email සත්‍යාපනය, SMS සත්‍යාපනය වැනි දේවල් ඇතුලත් කර ගනුදෙනුව තහවුරු කරන්න.
  • Pillow Fund ගිණුමට මුදල් එකතු වීමට විනාඩි 10–15ක් අතර කාලයක් ගතවිය හැක. තැන්පතුව පැමිණි විගස Email එකක් සහ App Notification එකක් හරහා ඔබට දැනගත හැකි වේ.

තැම්පත් කල දිනයේ සිටම ඔබට 14% ක් දක්වා වූ පොලී ලබාගත හැකි වේ.

Pillow Fund සම්බන්ධයෙන් ප්‍රශ්න වලට පිළිතුරු දැන ගැනීමට හෝ අනෙකුත් පරිශීලකයන් සමඟ සම්බන්ධ වීමට t.me/PillowFundSLසමග එකතු වෙන්න

Pillow — Sri Lanka

Welcome to Pillow’s Official Sri Lanka Community Pillow helps you earn up to 14% on your crypto. — Curated, Actively…

මෙතනින් Pillow Fund App එක Download කරගත හැක

https://pillow.onelink.me/aX5O/p5ebnic7

--

--